hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 22, පෙ.ව. 12:04



රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවය.

“ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලත් දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා. විපක්ෂය දැන් කියන්න උත්සාහ කරනවා මේ අයකර ගන්න තියෙන දේවල් අයකර ගන්නේ නැතුව අලුත් දේවල් කරන්න හදනවා අපි හිටියා නම් ඔහොම නෑ කියන්නනේ ඔය උත්සාහය. ඕක සරල තර්කයක්. රජය හැටියට පැහැදිලිවම කියන්න ඕනේ ඔව් හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක අපේ රටේ බදු නීතියේ තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකයේම තියෙනවා. රජය විසින් බද්දක් ගෙවන්න කිව්වහම නීතිය ඉදිරියේ ගිහින් අභියාචනා කරන්න රජය කිව්වට අපිට මේක ගෙවන්න බෑ කියලා අධිකරණයෙන් අධිකරණයට යන්න සමස්ත ජනතාවට අයිතියක් තියෙනවා. ඒ තුළ තියෙන ඒවා තමා මෙතැන වැඩිපුර තියෙන්නේ. දෙවැනි එක රජයේ ආයතන ගෙවන්න තියෙන බදු. මම කියන්න ඕනේ හිඟ බදු අයකර ගැනීමට රජයට  තියෙන සියලු බලතල මේ යුගයේ තරම් ක්‍රියාත්මක කරපු යුගයක් තවත් නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: