hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:12



දේශපාලන සංවාදයකදී එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම විමසූ පැනයක් ආන්දෝලනාත්මක කතාබහක් ඇති කර තිබේ. ඒ රට පුරා මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ආර්ථිකයට දායක කරගත නොහැකිද යන්නයි.

සංවාදයට සහභාගි වූ ආණ්ඩු පක්ෂ නියෝජිතයා පසුගිය සමයේ අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සඳහන් කරන විට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එයට සහභාගි වී සිටි මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා විමසුවේ ආණ්ඩුව ගංජා වගා කර ආර්ථිකයට දායක වන්නට උත්සාහ කරනවා මෙන් මේවාද ආර්ථිකයට දායක කරගත නොහැකිද යන්නයි. එහිදී ඔහුට දැඩි උපහාසාත්මක විරෝධයක් එල්ල විය.

අජිත් මාන්නප්පෙරුම වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු වන අතර මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. එසේම හිටපු ඇමැතිවරයෙකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: