hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 පෙබරවාරි 13, පෙ.ව. 5:58



ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20කට මාර්තු සහ අප්‍රේල් මාස දෙක සඳහා කිලෝ 10 බැගින් සහල් ලබාදෙන බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (12) පෙරවරුවේ යාපනය, පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් එම පවුල් වෙත සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලැබෙන බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ විස්තරය පහතින්,