hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 23, ප.ව. 6:49



සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් කටයුතු කර ඇත.

අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු මෙම සහල් තොගය කිලෝ 10 බැගින් ඇසුරා තිබු ඇසුරුම් වලට අමතරව තවත් උරයක මෙම සහල් අසුරා තිබු බව සදහන් කරයි.

අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහල් කිලෝ 10 සලාකය කරුවලගස්වැව අඩු ආදායම් පවුල් 7881 කට ආසන්න පිරිසකට බෙදා දීමට රැගෙන විත් තිබු අතර මෙම සහල් තිස්සමහාරාමයේ සහල් මෝලකින් රැගෙනවිත් ඇත.

මෙමම සහල් තොගය රුපියල් ලක්ෂ හැටකට වැඩි වටිනාකමකින් යුක්ත බවත් සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම හේතුවෙන් ආපසු හරවා යැවු බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: