hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 12, පෙ.ව. 5:57



ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ඉල්ලීම අනූව ලංකාවෙි රිලවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූවා.

මෙරට රිලවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතයි.

ලංකාවේ රිලා ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබෙන අතර මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිලවාය.