hit counter

2025 අගෝස්‍තු මස 11 වන සඳුදා

2025 අගෝස්‍තු 11, පෙ.ව. 12:09



රෝහිත රාජපක්ෂගේ (චිචී) රොකට්ටුව ගැන ප්‍රථමයෙන් රනිල් වික්‍රමසිංහ ආණඩුව සමයේ තිස්ස අත්තනායක මහතා අදහස් පළ කල අතර පසුව සජිත් ප්‍රේමදාස මහතා හා චම්පික රණවක ආදීන් අදහස් පළ කල බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සුරවිර මහතා පවසයි.

ජාතික ජන බලවේගය මෙම සිදුවීම පිළිබද සොයා බැලීමට පටන්’ගත්තේ ඉන්පසුව බවත් ඔහු පවසයි.

එහිදී එම රොකට්ටුව පිලිබදව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාත් ප්‍රකාශ කල කරුණු සත්‍ය බවත් දෙදෙනාගෙන් එක අයෙකුවත් බොරු නොකියන බවත් මන්ත්‍රී දේවනන්ද සුරවිර මහතා පවසයි.

වැඩසටහනකට සහභාගි වූ මන්ත්‍රීතුමා මාධ්‍ය අමතමින් තවදුරටත් ප්‍රකාශ කලේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සාර්ථකව සිදුවෙමින් පවතින බවයි.     





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: