hit counter

2025 මැයි මස 21 වන බදාදා

2025 මැයි 21, ප.ව. 4:36



ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් මනෝජ් නදීෂන අමරසිංහ සහ එහි පරිපාලන අංශය භාරව සිටි තනූජා ආරියරත්න යන අයව ජාතික රූපවාහිනියේ සේවකයින් විසින් හූ කියා පන්නා දමා තිබෙනවා.

රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ නිලධාරිනිය දිගින් දිගටම ආයතනයේ සේවකයින් සමඟ ඇතිකරගන්නා ලද ගැටුම් රැසක ප්‍රතිපල ලෙස මෙම සිදුවීම සිදුවී බවයි.

මීට පෙර සිටි සභාපතිවරයා වූ සෙනේෂ් බණ්ඩාර දිසානායක සමයේ පත්කරන ලද මෙම පරිපාලන අංශය භාර නිලධාරිනිය සේවයන් හට නිතර බැණ වැදීම හා ඔවුන්ව පහත් කොට සැලකීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් රූපවාහිනියේ සේවකයින් ඇය සමග වරින් වර බහින්බස්වී තිබෙනවා.

නමුත් රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරන්තරයෙන් ඇයව ආරක්ෂා කරගනිමින් කටයුතු කර ඇති නිසා සේවකයින් ඔහු සමගද උරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය පිළිබදව ජාතික රූපවාහිනියේ සභාපතිවරයා සමඟද සාකච්ඡාවක් ඉල්ලා ඇති තත්ත්වයක් තුළ අද තවත් බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදී සේවකයින් එක්වී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාව සහ පරිපාලන අංශය භාරව සිටි නිලධාරිනියව එළවා දමා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: