2025 ජූනි 27, ප.ව. 4:37
පසුගියදා පැවති ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ ආරාධිතයකු ලෙස සහභාගී වූ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඔහුව වේදිකාවට කැඳවා සම්මාන පිරිනැමීම් සිදුකරමින් තිබුණ අවස්ථාවේ ‘හොඳම පහේ ශිෂ්‍යත්ව ගුරුවරිය’ නමැති සම්මානය ලබාදීමට නම් කෙරුණ හයේෂිකා ප්‍රනාන්දුට අදාළ කුසලානය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
එම අවස්ථාවේදී ඔහු වෙනුවට ඒ ආසන්නයේ සිටි වෙනත් කෙනෙකු විසින් හයේෂිකා ප්‍රනාන්දුට සම්මානය පිරිනමන ලදි.
තරුණයෙකුගේ වෘෂණ කෝෂ වලට ප්‍රහාර එල්ල කිරීම හා සැඟවී සිටීම ඇතුළු පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් කිහිපයක් නිසාම ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දුට මෙම සම්මාන උළෙලේ ජනප්‍රියම ගුරුවරිය යයි තවත් සම්මානයක්ද පිරිනැමුණ අතර එම සම්මානය ගැටලුවකින් තොරව පිරිනැමුනේ එම අවස්ථාවේ වේදිකාවේ සිටි සුදත් රෝහණ මහතා අතිනි.
ඒ සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
“මට ඇයත් සමග කිසිදු පෞද්ගලික අමනාපයක් නැහැ. මම පෞද්ගලිකව පළමු වතාවට භෞතිකව මුණ ගැහුනෙත් එදා. ඒ අවස්ථාවේ ඇයට ආරාධනා කරන කොට මමත් පොඩ්ඩක් පුදුමයට පත් වුණා. අපේ රටේ ගුරු විදුහල්පතිවරු ඉන්නවා දෙලක්ෂ හැටදාහක් විතර. ඉතින් ඒ අය අතරින් හොඳම ගුරුවරිය මෙයාද? මට හෘද සාක්ෂියට එකඟව එවැනි සම්මානයක් දීමේ හැකියාවක් ලැබුණේ නැහැ.ඉතින් මම ඉතාම නිහතමානීව එම සම්මානය දීම ප්‍රතික්ෂේප කළා.”
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26