hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 13, පෙ.ව. 10:51



තම අද වන විට විපක්ෂයේ සිටින්නේ මෙරට ඉතිහාසයේ නරකම විපක්ෂය බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ඔවුන් නිතරම කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශ ආයෝජකයන්ට වැරදි චිත්‍රයක් හැදීමට බවත් ජනතාව තුළද රජය සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ඇති කිරීමට බවත් ඇය සඳහන් කළාය.

එනිසා ජනාධිපතිතුමන්ටද පාර්ලිමේන්තුවට පැමිණ එසේ නොකර සිටින ලෙස ඉල්ලා සිටීමට සිදුවූ බවද ඇය පැවසුවාය.

රූපවාහිනි නාලිකාවක පැවැති වැඩසටහනට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: