hit counter

2026 නොවැම්‍බර් මස 03 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 03, පෙ.ව. 11:09



ඉන්ධන මිල ගණන් හදිසියේම වැඩි කිරීමට හේතුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැහැදිලිකිරීමක් සිදු කරයි.

මේ වනවිට මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ බව අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

වරායට ඉන්ධන ආනයනය කරන මිලටම පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදෙන ලෙස විපක්ෂය සඳහන් කර සිටියද, ලෝකයේ කිසිදු රටක එවැනි ක්‍රමවේදයක් නොමැති බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේ ඉන්ධන ආනයනය සඳහා රජයට දැරීමට සිදුව ඇති වියදම සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාවට සහනයක් ලබාදීම සඳහා රුපියල් බිලියන 57ක මුදලක් ඉන්ධන සහනාධාර ලෙස වෙන් කිරීමට රජය කටයුතු කර ඇති බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: