2023 ඔක්තෝබර් 31, පෙ.ව. 10:53
අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි චූඩාමාණික්‍ය හා එම චූඩා මාණික්‍යය පාදමෙහි ඔබ්බවා තිබූ මැණික් ගල් ගලවා ඉවත්කර ඒ වෙනුවට ව්‍යාජ චූඩා මාණික්‍යයක් හා ව්‍යාජ මැණික් ගල් ඇතුළත් කර ඇති බවට යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ පැවැති වැඩසටහනකදී අදහස් ප්‍රකාශ කළ බව කියන අනුජ රෂන්ත ජයසිංහ නමැත්තකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.
2022 මැයි මස 1 දින සිට එම වසරේ මැයි මස 31 වන දින කාලය අතරතුරදී “ටෘත් විත් චමුදිත” නමැති යූටියුබ් සමාජ මාධ්‍ය වැඩසටහනකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිපතිවරයා චූදිතට එරෙහිව අධිකරණය හමුවේ එසේ අධිචෝදනා ගොනුකර ඇත.
එම චූඩාමාණික්‍ය හා එහි පාදමෙහි ඔබ්බවා තිබූ මැණික් ගල් ගලවා ඉවත් කිරීම නිසා ශ්‍රී ලාංකික පුරවැසියන් හට ආර්ථික සමාජයීය අර්බුදයන්ට මුහුණපෑමට සිදුව ඇති බවත් මෙම ක්‍රියාවට එවකට මෙරට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බව ප්‍රකාශ කරමින් ඔහු අසත්‍ය ප්‍රකාශයක් කර ඇති බවද එම අධිචෝදනා පත්‍රය මඟින් පෙන්වාදී තිබෙනවා.
තවද මෙම ක්‍රියාවට එවකට රුවන්වැලි සෑයේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන හිමි වගකිවයුතු බව විත්තිකරු ඕනෑකමින් ප්‍රකාශ කර උන්වහන්සේට නින්දා කර ඇති බවත් එම අධිචෝදනා පත්‍රයේ සඳහන්ය.
එම වැඩසටහන නරඹනු ලබන ප්‍රේක්ෂකයන් ලවා මහජන සාමය කඩ කිරීමේ අරමුණෙන් ඔවුන් ප්‍රකෝප කිරීමේ අදහසින් හෝ එබන්දක් සිදු විය හැකි බව දනිමින් ඔහු මෙම ප්‍රකාශය කර ඇති බවද එම අධිචෝදනා පත්‍රය මඟින් පෙන්වා දී ඇත.
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම ප්‍රේක්ෂකයන් ප්රකෝපයට පත් කිරීම මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ හා 490 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් විත්තිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි එම අධිචෝදනා පත්‍රය ගොනුකරමින් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
2025 ජනවාරි 04, ප.ව. 12:13
2025 ජනවාරි 04, පෙ.ව. 12:09
2025 ජනවාරි 04, පෙ.ව. 12:09
2025 ජනවාරි 04, පෙ.ව. 12:06
2025 ජනවාරි 04, පෙ.ව. 12:05