2025 අප්‍රේල් 30, පෙ.ව. 12:26
සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කොන්ද නැතිකම ගැන එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක ප්‍රකාශයක් කරයි.
සාගල රත්නායක සඳහන් කළේ,
“අපේ පාක්ෂිකයින්ට, සියලු දෙනාට ඕනි වුණේ අපේ පක්ෂය නැවත ශක්තිමත් කරන්න. ඒකට අපෙන් කඩාගෙන ගිය සමගි ජන බලවේගයත් එක්ක අපි සියලු දෙනා කතා කරලා නැවත එක පක්ෂයකට, දැවැන්ත අලිය ලකුණ යටතට මේ පක්ෂය ගේන්න කියන ඉල්ලීම තමයි තිබ්බේ.
ඒ කියන්නේ ඒ පක්ෂය තුලත් කැමැත්ත තියෙන්නේ එකතුවෙලා යන්න. නමුත් එක තැනකදී මේක හැමවෙලාවෙම හිරවෙනවා. එතනින් යන්න දෙන්නේ නෑ. ඒ වටේ ඉන්නවා තව දෙතුන් දෙනෙක්, එකතු වුණොත් වීසි වෙලා යයි කියන බය තියෙනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා චාමර සම්පත් මන්ත්‍රීතුමා වෙනුවෙන් කතා කරා කියල අද ගෙනිච්චා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට. මේක හරිනම් කරන්න ඕන විපක්ෂ නායකතුමයි, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයි.
විපක්ෂ නායකතුමාගේ කොන්ද නැතිකම නිසා, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගන්නේ නැතිකම නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විශ්‍රම ගිහිල්ලා ඉන්න ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කතා කලා කියලා එතුමාව ගෙනියලා. විපක්ෂ නායකතුමාටයි ඔය හැමෝටම මන් හිතන්නේ රජය එක්ක ඩීල් තියෙනවා. එක්කෝ බයවෙලා.”
මාතර පැවති ජනහමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මේ බව සඳහන් කරයි.
2025 මැයි 22, පෙ.ව. 12:20
2025 මැයි 22, පෙ.ව. 12:14
2025 මැයි 22, පෙ.ව. 12:07
2025 මැයි 22, පෙ.ව. 12:05
2025 මැයි 22, පෙ.ව. 12:04
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25