2026 පෙබරවාරි 13, පෙ.ව. 12:04
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කරනු ලැබුවේ ඔහු දැරූ දේශපාලන මතය පදනම් කරගෙන මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
එමෙන්ම එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිය රාජකාරිය ඉටු කිරීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරියාද ඝාතනයට ලක් වූ බව ඔහු සිහිපත් කළේය.
මෙම ඝාතනය සිදුකළ තරුණයන්ගේ අනාගතය අද වන විට විනාශ වී ඇති බවත්, ඔවුන්ව මෙවැනි සාහසික අපරාධයකට මෙහෙයවූ සහ ඔවුන්ගේ සිත් තුළ වෛරය වැපිරවූ නායකයින් අදටත් නිදැල්ලේ සිටීම බරපතළ ගැටලුවක් බව මහ ලේකම්වරයා පෙන්වා දෙයි.
අහිංසක මිනිසුන් පාරේ ගසා මරා දැමීමට තරම් වෛරයක් වැපිරවූ එම පිරිස් අද වන විට රටේ ජනාධිපති පුටුවල, ඇමති පුටුවල සහ පාර්ලිමේන්තුවේ වාඩි වී සිටින බවට ඔහු චෝදනා කළේය.
විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ එම නායකයින්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයක් යටතේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් අවධාරණය කරයි.
මෙවැනි පුද්ගලයින් පාලන බලයේ සිටින වටපිටාවක වුවද, අධිකරණය විසින් මෙවැනි තීන්දුවක් ලබා දීමට ශක්තිමත් වීම පිළිබඳව තමන් හිස නමා ස්තූතිය පුද කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
10-02-26
10-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
07-02-26
07-02-26