hit counter

2025 මැයි මස 28 වන බදාදා

2025 මැයි 28, පෙ.ව. 12:04



කොළඹ මහ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලයට අනුව කොළඹ ජනතාව බහුතරයක් වර්තමාන ආණ්ඩුවට බලය දීම සුදුසු නැතැයි තීරණය කර ඇති බවත් ඒ හේතුවෙන් වර්තමාන ආණ්ඩුවට කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට පසුබිම සැකසීමට ඉඩනොතබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස විපක්ෂයේ අනෙකුත් පක්ෂ, බහුතරයක් ලබාගත් පක්ෂ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර, කවුරුන් ඉදිරිපත් කරන්නේද යන කාරණා මෙන්ම අණ්ඩුවට විරුද්ධ බලවේගයකට අවශ්‍ය සහය දීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බව ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනතා මතය කියන කරුණ ඉදිරියෙන් තබාගෙන පමණක් කිසියම් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට බලය පිහිටුවීමට සහය දෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: