2022 මැයි 15, ප.ව. 9:30
මන්ත්‍රීවරුන් මුදලට බිලි බා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශවය ආරම්භ කර ඇති බවත්, ඊට සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හසු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සමස්ත රටම බරපතළ ලෙස කඩා වැටී ඇති මොහොතක ආණ්ඩුව සිදු කළ යුත්තේ රට ගොඩනැඟීම වුවත් මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් බිලිබා ගැනීමේ මෙහෙයුම බවයි ඒ මහතා කියා සිටියේ.
රට ගැන හැඟීමක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුතුවන්නේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට ඩොලර් වෙන් කරනවා වෙනුවට රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දෑ වෙනුවෙන් ඒ මුදල් වෙන් කිරීම බව ද විපක්ෂ නායකවරයා කියා සිටියා.
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:15
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:06