hit counter

2025 අගෝස්‍තු මස 14 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 14, ප.ව. 12:54



ඊයේ (13) සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මොන­රා­ගල පැවති රැස්වී­මක් ආව­ර­ණය කිරී­මට ගිය මාධ්‍ය­වේ­දීන් පිරිසකට එම අව­ස්ථා­ව ආවරණය කිරීමට ඉඩ නොදී හරවා යැවී­මට පිය­වර ගෙන තිබේ.

මොන­රා­ගල, මාග­න්දන මුල්ල පාරේ පිහිටි පෞද්ග­ලික නිවාඩු නිකේ­ත­න­යක අදාළ රැස්වීම සූදානම් කර තිබුනේ සමගි ජන බල­වේ­ගයේ මොන­රා­ගල දිස්ත්‍රික් ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් සම­ඟිනි.

විපක්ෂ නායක, පක්ෂයේ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති මේ රැස්වී­මට සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මොන­රා­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එච්. එම්. ධර්ම­සේන, ගාල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ගයන්ත කරු­ණා­ති­ලක ඇතුළු පිරිසක් මේ සඳහා සහ­භාගි වී සිටියහ.

පක්ෂයේ මොන­රා­ගල දිස්ත්‍රික් දේශ­පා­ලන අධි­කා­රිය විසින් කළ ආරා­ධ­නා­ව­කට අනුව එහි ගිය මාධ්‍ය­වේ­දීන් ඉවත් කරනු ලැබුවේ මේ රැස්වීම පක්ෂයේ අභ්‍ය­න්තර කට­යු­ත්තක් බව සඳ­හන් කර­මිනි.