hit counter

2025 දෙසැම්‍බර් මස 07 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:08



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ මෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට රජය දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන් ඒ මවාපෑ දිව්‍ය ලෝකය සත්‍ය කිරීමට රජය අපොහොසත්ව ඇති බවයි.

එමෙන්ම මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රිට සහ පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමැතිවරු නම් දිව්‍ය ලෝකය සාදා ගෙන සිටින බවත් රටේ ජනතාව අපේක්ෂා කළ මහා සංවර්ධනය නම් සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්කාරාමයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා එක්වූ විපක්ෂ නායක වැඩිදුරටත් පැවසුවේ,

‘සමහර ප්‍රදේශවල කිලෝමීටර් ගණන් පාරවල් වහින කාලයේ හදන්න පටන් අරන්. වහින කාලයේ හදන පාරවල් ඉක්මනින් කැඩී යනවා. වත්මන් රජයේ මැති ඇමැතිවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් නෑ. පාරවත් හැදිය යුත්තේ වසරින් වසර අලුත්වැඩියා කිරීමට නොව කාලයක් පුරා ජනතාවට භාවිත කිරීමටයි. මේ රජය සිදු කරන්නේ මහා ඇස්බැන්දුමක්. රැවටිල්ලක්. සියයට 33 කින් අඩු කරනවා කියූ විදුලි බිල වැඩි කරන්න යනවා. රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කියූ නිසා පෝලිමට ගිහින් රාජ්‍ය සේවකයන් කතිර ගැහුවා. අද සමහර රාජ්‍ය ආයතනයන් ඈවර කර රාජ්‍ය සේවකයා ගෙදර යවන්න පටන් අරන්’