hit counter

2025 ජූලි මස 16 වන බදාදා

2025 ජූලි 16, පෙ.ව. 12:07



නිවාස සංවර්ධන අධිකාරියේ සම්පත් කළමනාකාරණ ඒකකයේ මුදල් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවක සඳහන්වෙන්නේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන විවෘත කිරීමේ ප්‍රචාරක වියදම සඳහා පමණක් රුපියල් 523,664,286ක මුදලක් වැය කොට ඇති බවයි.

එම වාර්තාවේ සඳහන් තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා කාලයේදී සැමට සෙවන ආදර්ශ ගම්මාන 2562ක් ක්‍රියාත්මක කොට ඇතැයිද එම කාලයේදී නිවාස ඒකක සියල්ල ඉදිකර විවෘත කර ඇති ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 367ක් පමණක් බවද සඳහන්.

එමෙන්ම සැමට සෙවන ව්‍යාපෘතියේ ආදර්ශ ගම්මාන ණය ලැබූ ප්‍රතිලාභීන් ගණන 25453ක් වන අතර ආදර්ශ ගම්මාන ආධාර ලැබූ ප්‍රතිලාභීන් ගණන 28633කි.

2015 වසරේ සිට 2020 දක්වා ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 20363 දෙනකු රුපියල් මිලියන 2546.391ක ණය මුදල් ගෙවීම පැහැර හැර ඇතැයිද විසිරි නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් 112204 දෙනකු රුපියල් මිලියන 3421.825ක ණය ගෙවීම පැහැර හැර තිබෙන්නේ යැයි ද අදාළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව සැමට සෙවණ සහ විසිරි නිවාස ව්‍යාපෘති වලින් ප්‍රතිලාභීන් 132567 දෙනකු පැහැර හරින ලද මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 5968.215කි.

අද‍ාළ වාර්තාවට අනුව 2015 වසරේ සිට 2019 වසර දක්වා නිවාස ආධාර ලෙස බෙද‍ා හරින ලද සිමෙන්ති කොට්‌ට ප්‍රමාණය 1,050,249 කි.සිමෙන්ති කොට්‌ට ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 110267 කි.එක් ප්‍රතිලාභියෙකු සඳහා ලබාදෙන ලද උපරිම සිමෙන්ති කොට්‌ට්ට ප්‍රමාණය 10 කි. නිවාස ආධාර ලෙස බෙදා හරින ලද සිමෙන්ති කොට්‌ට වෙනුවෙන් වියදම් කළ මුදල රුපියල් මිලි 904.457 කි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: