2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 10:00
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක රට තුළට පැමිණි ආකාරය පිළිබඳව පිළිබඳ සත්‍යය තොරතුරු රජය අනාවරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“කුඩු, අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනයේදී ලබපු ප්‍රගතියක් හැටියට අපට සලකන්නට පුළුවන්. නමුත් තියෙන බරපතළම ප්‍රශ්නය වන්නේ කොහොමද මේ කන්ටේනර් දෙක සමාජයට නිකුත් වුණේ ? අපට ආරංචියි මේ කන්ටේනර් දෙක පිළිබඳවත් ජාත්‍යන්තර බුද්ධි අංශ අපේ රටට දැනුම් දීලා තියෙනවා කියලා.
අපි දැනගන්න කැමතියි කවදාද මේ තොරතුරු ලැබුණේ ? පරීක්ෂණ කළේ කවුද ? කොයි කාල වකවානුව තුළද ඒ පරීක්ෂණ පැවැත්වුවේ ? කුමන කණ්ඩායම්ද ඒ පරීක්ෂණවල නිරත වුණේ ? ඒ පරීක්ෂණවලින් පසුව මේ කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක – අපිට ආරංචි විදියට ඒවා නිදහස් කරලා. ඒ නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වුණේ කවුද ? මොන ආයතනද ?
රටේ ජනතාවට සත්‍යය හෙළිදරව් කිරීම රජයේ වගකීමක්. මෙම කන්ටේනර් නිදහස් කිරීම සිදුවුණේ අර කන්ටේනර් තුන්සිය විසි ගාණක් නිදහස් වීමත් එක්කමද?”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ රැස්වීමකදී ය.
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:45
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:15
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:25
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:01
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:09
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
05-09-25
05-09-25