hit counter

2025 ජූලි මස 25 වන සිකුරාදා

2025 ජූලි 24, පෙ.ව. 10:09



පෞද්ගලික අංශයට ගෙවනු ලබන ජාතික අවම මාසික වැටුප අප්‍රේල් මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිකිරීමට අදාලව පනත් 3ක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කම්කරු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙතෙක් මසකට රුපියල් 21,000ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප මෙම පනත් සම්මතය අනුව මෙම වසරේ අප්‍රේල් 01වනදා සිට මසකට රුපියල් 27,000 දක්වා වැඩි කිරීමටත් ජාතික අවම දෛනික වැටුප ද එදින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 700 සිට 1,080 දක්වා වැඩි කිරීමටත් පෞද්ගලික අංශය කටයුතු කළ යුතු බවයි.

මෙම ජාතික අවම වැටුප ලබන වසරේ ජනවාරි මස 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30,000 දක්වාත් දෛනික වැටුපද එදින සිට රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වාත් වැඩි කිරීමටත් නියමිතව තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: