hit counter

2025 සැප්‍තැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 20, පෙ.ව. 12:07



ඉන්දියාවෙන් ආනයනිත ලුනු කිලෝව මේ වන විට රු. 400ට අලෙවි වන බව සමාජ මාධ්‍යවල වාර්තා වෙයි.

ඉන්දියානු රු. 24කට එරට අලෙවි වන ලුනු කිලෝව මෙරට රුපියලට ගැලපූ විට එහි මිල ශ්‍රී ලංකා රු. 96ක් වෙයි.

ආනයනිත ලුනු කිලෝවක් සඳහා පනවා ඇති රු. 40ක බද්ද, සෙසු වියදම් සහ වෙළඳ ලාභය ගැලපුව ද කිලෝව රු. 400 දක්වා ඉහළ යෑමට සාධාරණ හේතුවක් නොමැත.

කෙසේ වුව ද පාරිභෝගික සේවා අධිකාරිය මෙතෙක් ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කොට නොමැත.