hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 13, ප.ව. 1:53



රත්නපුර මහ සමන් දේවාලයේ සිදුව ඇති පඬුරු මුදල් හොරකම සොයන්න පොලිස් කණ්ඩායම් දෙකක් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා තිබෙනවා.

සමන් දේවාලයේ පඬුරු මුදල් ගබඩාව කඩා ගණනය නොකළ ගෝනිවල බහා තිබූ රුපියල් පන්දහසේ, දහසේ, පන්සීයේ ඇතුළු සියලු මුදල් නෝට්ටු මිටි හොරකම පිළිබඳව සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක් හා සමන් දේවාලයේ පොලිස් මුරපොළේ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් ද යොදවා පැති කිහිපයක් ඔස්සේ රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කරමින් සිටින බව රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතා පැවසුවා.

අරඹා ඇති පරීක්ෂණ අනුව ඉතා ඉක්මනින් මෙම මහා පරිමාණ මුදල් හොරකමට අදාළ පුද්ගලයා හෝ කණ්ඩායම හඳුනා ගැනීමට හැකිවන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතා සඳහන් කළා.