2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 9:22
දේශපාලනයේ ගඳ සුවඳ ජනතාවට හොඳට දැනෙන බවත් ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනයන්ට අනාගතයක් නැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.
පොදුජන පෙරමුණේ මහින්ද සුළඟින් නාමල් සුවඳ යන දේශපාලන වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සඳහන් කළේ,
“මම හිතනවා, දැන් විවිධ නම් දාගෙන ආවට මේ රටේ ජනතාව මතනේ දේශපාලන ව්‍යාපාර පවතින්නේ. ඒ හින්දා දැන් ජනතාව තීන්දු කරලා තියෙන්නේ දේශපාලනයේ ගඳ සුවඳ ජනතාවට හොඳට දැනෙනවා.
ඒ නිසා මේ දවස්වල අයිස් සුවඳ, පාතාලේ ගඳ සුවඳ ඔක්කොම තේරුම් අරන් ඉන්නකොට, මම හිතනවා ඔය ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනයන්ට අනාගතයක් නෑ කියලා.
ඒ හින්දා විවිධ නම් ආරූඪ කරගෙන ආවත් මේ රටේ ජනතාව වෙනදාට වැඩියෙන් අවබෝධ කරන් තියෙනවා මේව හෙළිදරව් වෙනවත් එක්ක කාගේ ගඳ සුවඳද මේ එන්නේ කියලා. මම හිතනවා රාජපක්ෂලාගේ දේශපාලනය දැන් මේ රටට වලංගු වෙන්නේ නෑ කියලා.”
“සුළඟ ඇවිල්ලා තියෙන්නේ. ඒක ජාතික ජන බලවේගයේ සුළඟ. ඒ සුළඟට ගොඩක් දේවල් ගහගෙන යන බව පේනවා. ඉදිරියේදී තවත් දේවල් ගහගෙන යයි.”
2025 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:32
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:15
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:45
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:35