2025 සැප්තැම්බර් 08, පෙ.ව. 10:22
“පාතාලයක් ආය රටතුල බිහි වෙන්න ගර්භාෂයක් නෑ. මොකද දැන් ඒ දූෂිත දේශපාලය ඉවරයි.” යනුවෙන් වැවිලි සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ (07) හැටන් නගරයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බැව් කියා සිටියහ.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ,
“පහනක් වුනත් නිවෙන කොට අවසානේ ගැස්සි ගැස්සි යනවා කියනවා නේ. පාතාලයටත් දූෂිත දේශපාලනයටත් ඒක වෙලා තියෙන්නේ. පහුගිය කාලේ පාතාලේ වෙනම තිබුණා නෙවෙයි. පාතාලය දේශපාලනයත් එක්ක පෝශණය වුණා. එතකොට අර්බුදය එනකොට එකිනෙකා ඇනකොටා ගන්නා තත්වයට පත් වෙලා තියෙන්නේ. පාතාලය ලංකාව ඇතුලෙ විතරක් නෙවෙයි ක්‍රියාත්මක වුණේ, ඒක එළියටත් තිබුණා. දැන් අස්මුල් නෑර හොයාගෙන ඉවරයි. දැනි තියෙන්නේ එකින් එක සුද්ධ කරන්න. මං හිතන්නේ රටේ ජනතාවට මේක පැහැදිලිව පේනවා පාතාලෙට දැන් සමාවක් නෑ කියලා. ඒ හින්දා අනිවාරෙන් පාතාලෙ සුද්ධ කරන එක සුද්ධ කරනවා.
පාතාලය මඩින්න එච්චර කාලයක් යන්නේ නැ. නමුත් කාලය කියන්න බෑ. දැන් කාට වුනත් තේරෙනවා පාතලෙය ලංකාව ඇතුලේ විතරක් ක්‍රියාත්මක වුණ දෙයක් නෙවෙයි. පාතාලය ජාත්‍යන්තර මට්ටමට ලංකාවේ අරන් ගියා. එතකොට ඒ තරමට පාතාලය පෝෂණය කළේ කවුද? ඒක මර්ධනය කරගන්න බැරි වුණේ කාටද? එහෙනම් ඒකට දේශපාලනය වග කියන්න ඕන නැද්ද? මේ පාලනය බිහි වුනේ නැත්තන් පාතාලයට මොකද වෙන්නේ? ඉතින් රටක්ම විනාශ වෙනවා නේ. ඒ තරමට ගෙනිහිල්ලා තිබුණේ. දැන් පාතාලය සුද්ධ වෙන්න හදනකොට තමයි ඔය ප්‍රශ්න ඇවිත් තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් අපිට පැහැදිලියි පාතාලයක් ආය බිහි වෙන්න ගර්භාෂයක් නෑ. මොකද දැන් ඒ දූෂිත දේශපාලය ඉවරයි.
තිබුණු ආණ්ඩු කාලයේ එලියට ගිය අවි ආයුධ, විවිධ දේවල් තාම කොතන තියනවාද කියලා හොයන්න බෑ. නමුත් ඒවා එකින් එක හොයා ගන්නවා. දැන් කොනක ඉදන් පැහැදිලා ඉවරයි. රටේ බුද්ධි අංශ දැන් ඒවා තියන තැන් හදුනාගෙන තියනවා. දැන් එවා එකතු කරලා ගන්න එක තමයි තියෙන්නේ. ඒවා ක්‍රමානුකූලව ඉස්සරහට සිද්ධ වෙයි.
දැන් පාතාලයේ අහුමුලු හොයාගෙන යනකොට සමහර ඒවා හිටපු ජනාධිපතාවරුන්ගේ ගෙවල් වලට යනවා, ඇමතිවරුන්ගේ ගෙවල් වලට යනවා, මන්ත්‍රිවරුගේ ගෙවල් වලට යනවා. පාතාලයේ ගර්භාෂ තිබිලා තියෙන්නේ එහේ. ඒනිසා ඒක පැහැදිලියි. සමහර දේශපාලඥයෝ කැ ගහන්නේ, හොයාගෙන හොයාගෙන යනකොට එයාලගේ ගෙදරටත් එන්න පුලුවන් කියලා දැනිලා. ඒකනේ ප්‍රශ්නෙ තියෙන්නේ. ඒක ඉතින් කරන්න දෙයක් නැ. අනිවාරෙන් තරා තිරම බලන්නේ නෑ. හිටපු ජනාධිපති වෙන්න පුලුවන් ඇමති කෙනෙක් වෙන්න පුලුවන් නීතිය කාටත් සමානයි. නීතියට උඩින් කවුරුත් නෑ. නීතිය ක්‍රියාත්මක වෙනවා.
කාලයක් තිස්සේ අනතුරු සිදු වෙනවා. නෑ කියනවා නෙවෙයි. එතකොට දැන් මෙකෙ තියන ප්‍රශ්ණය රටේ විනය හදන එක, රටේ ප්‍රමිතිය හදන එක, බස් රථවල ප්‍රමිතිය වෙන්න පුලුවන්, රියදුරන්ගේ ප්‍රමිතිය වෙන්න පුලුවන්. ඉතින් ඒවට නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ ක්‍රියාත්මක විමේ අවශයතාවය තියනවා සහ ක්‍රියාත්මක කරමින් එනවා. මේවා ක්‍රියාත්මක කරන කොටත් යම් යම් විරෝධතා එනවා. නමුත් මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ඒ තීන්දුවලට යන්න වෙනවා. අපි නව සාකච්ඡාවලට ඇඩිත් තියනවා, ආරක්ෂණය සම්බන්ධයෙන් තීන්දු ඉදිරියට ගන්නවා. ප්‍රමිතියෙන් යුතු බස් රථ ජනතාවට ප්‍රවාහනය සදහා යොදවනවා කියන තැනට ඇවිත් තියනවා. ඒ තින්දු අපට ඉස්සරහට ගන්න වෙනවා. ඒකයි මම කිව්වේ වසර 76ක් වැරදි පාරේ රටක් දවසින් දෙකෙන් හරි පාරට ගේනවා කියන එක ලේසි පහසු කාර්යක් නෙවෙයි. හැබැයි එක්ක අපි සනාථ කරනවා. අන්වාර්යෙන් ගේනවා”. යනුවෙන් පැවසීය.
2025 සැප්තැම්බර් 08, ප.ව. 5:01
2025 සැප්තැම්බර් 08, ප.ව. 3:30
2025 සැප්තැම්බර් 08, ප.ව. 2:03
2025 සැප්තැම්බර් 08, ප.ව. 1:50
2025 සැප්තැම්බර් 08, ප.ව. 12:08
07-09-25
07-09-25
06-09-25
06-09-25
18-07-25
18-07-25
28-06-25
28-06-25
27-06-25
27-06-25
25-06-25
25-06-25
06-06-25
06-06-25
01-06-25
01-06-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
06-04-25
06-04-25