hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:03



වැරදීමකින් හෝ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට නොපැමිණියේ නම් තවමත් රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය ව්‍යාප්ත වන බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“මම නිකමට ඔබෙන් අහනවා, හිතෙන් ඔබේ අහලා බලන්න වැරදිලා හරි අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අද නොතිබුණා නම් රට කුමන තත්ත්වයක තියෙයිද කියලා. එහෙනම් කුඩු තාම ව්‍යාප්ත වෙනවා, තාම පාතාලය තියෙනවා. එහෙනම් ඇමති මණ්ඩලය 22න් නවතින්නෙ නෑ. ඔය ජනාධිපති වරප්‍රසාද කැපෙන්නෙ නෑ. තාම නාස්තිය, දූෂණය, කුඩු ද පාතාලය ද ඔක්කොම තියෙනවා.

දැන් යමක් නොකෙරිලාද තියෙන්නෙ ? දැන් අපේ ගමනට වසරක් පිරීගෙන එන්නෙ. වසරක් පිරෙනකොට අපි හොඳ අත්තිවාරමක් දාලා තියෙන බව මම ඔබ තමුන්නාන්සෙලාට කියන්න කැමතියි. ඉදිරි වර්ෂ කිහිපයේ මේ දාපු අත්තිවාරම මත ලස්සන රටක් අපි ගොඩනඟනවා, අලංකාර රටක් අපි ගොඩනඟනවා. අපේ දරුවන්ට අනාගතයක් හදනවා. අන්න ඒකට පක්ෂ පාට භේද නැතිව කාගේත් සහාය අවශ්‍යයයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: