hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:02



වසර 76ක් කඩා වැටුණු බංකොලොත් වුණු රටක් එක දවසින් ගොඩනැඟිය නොහැකි බව වැවිල සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සමන්ති විද්‍යාරත්න පවසයි.

වසර දෙකකට පමණ පෙර සිය අමාත්‍යංශය විනාඩි එකහමාරක දැන්වීමක් සැදීම සඳහා රු. ලක්ෂ 1740ක් වැය කර ඇති බවත් එම දැන්වීම තවමත් ප්‍රචාරය වී නොමැති බවත් ඔහු අනාවරණය කරයි.

මෙම මුදල දැන්වීමට වැය වුණේ ද වෙන කොහේ හෝ ගියේ ද යන්න ඉදිරියේ දී සොයා බැලිය යුතු බව ද නි. ඇමැතිවරයා කීය.

මේ රටේ අනවශ්‍ය දේවල් නාස්තිය දූෂණය නතර කර රට සුද්ද කරන බව ද ඒ සියල්ල එක දවසින් බලාපොරොත්තු නොවිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: