hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 27, පෙ.ව. 6:31



ගාල්ල බස්නැවතුම් පොළේ ඉහල මාලයේ පිහිටි සතොස වෙළද සැලේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තිබියදි එම භාණ්ඩ පාරිභෝගිකයින්ට අලෙවි නොකොට තම හිතවතුන්ට අලෙවි කිරිම සදහා ගබඩාවේ තබාගෙන තිබියදි සොයාගත් බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද කාර්යාලය පවසනවා.

මෙම සතොස වෙළදසැළේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තිබියදි ඒවා පාරිභෝගිකයින්ට අලෙවි කිරිමට රාක්කවල තබා  ප්‍රදර්ශනය නොකොට තම හිතවතුන්ට අලෙවි කිරිම සදහා ගබඩාවේ තබාගෙන සිටින බවට පරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ලැබි තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ උපදෙස්මත ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද කාර්යාලයේ විමර්ශන නිලධාරින් විසින් මෙම සතොස වෙළද සැල පරික්ෂා කර තිබෙනවා.

එහිදි  සතොස වෙළද සැළේ ගබඩාවේ තිබි දුඹුරු සිනි කිලෝ 100ක්, සුදු සිනි කිලෝ 35ක්, තිරිගුපිටි කිලෝ 35ක්, සුපිරි සම්බා කිලෝ 125ක්, සුදු සහල් කිලෝ 125ක්, කිරිපිටි පැකට් 29ක්, පරිප්පු කිලෝ 50ක්, නාඩු සහල් කිලෝ 50ක්   පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

සතොස වෙළදසැළේ කළමණාකාරිත්වයට දැඩි ලෙස අවවාද කළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් එම භාණ්ඩ  සතොස වෙළදසැළේ කළමණාකරු හරහා පාරිභෝගිකයින්ට අලෙවි කිරිමට කටයුතු කර තිබෙනවා.