hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 පෙබරවාරි 13, පෙ.ව. 12:08



දිවයින පුරා පාසල්වල සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවාගැනීමට මත්ද්‍රව්‍ය විකුණන ජාවාරම්කරුවන් කටයුතු කරන බැවින් ඔවුන් පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ පොලිස් නිලධාරීන්ට අවවාද කර ඇත.

මත් පුවක් යොදා නිපදවා ඇති “මාවා” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීමේ මුල්ම පියවර වන හෙයින් එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන මෙහෙයවන ලෙසද මහේස්ත්‍රාත්වරිය අවවාද කර ඇත.

මේ අතර මත් පුවක් යොදා නිපදවා ඇති “මාවා” නමි මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් විශාල ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඉතා අඩු මුදලකට සිසුන් වෙත ලබාදෙන බවත් අනතුරුව එම මත්ද්‍රව්‍ය නිවෙස් වෙත රැගෙන ගොස් භාවිතා කිරීමට හුරු වී සිටින බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: