2024 අප්‍රේල් 17, පෙ.ව. 8:37
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහ ගුරුවරුන්ගේ මාස හයක් දක්වා වන කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම මෙන්ම අවලංගු කිරීමේ බලයද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
පළාත්වලින් ලැබෙන එම ඉල්ලීම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත කිරීමේ දී වැඩි කාලයක් ගත වීම නිසා නිලධාරීන් අපහසුතාවට පත් වන බව නිරීක්ෂණය වීමෙන් පසුවය,මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, ජාතික පාසල්, විද්‍යාපීඨ , ගුරු විද්‍යාල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරන දීප ව්‍යාප්ත සේවා, ඒකාබද්ධ සේවා හා ඇතැම් දෙපාර්තමේන්තුගත තනතුරුවලට අයත් නිලධාරීන්ගේ කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම, දීර්ඝ කිරීම, අවලංගු කිරීම හා සංශෝධනය කිරීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරනු ලබයි.
එමෙන්ම එම විදේශ නිවාඩු සම්බන්ධයෙන් විමසන ඕනෑම අවස්ථාවක දී ඒ පිළිබඳව නොපමාව තොරතුරු ලබාදිය හැකි වන සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වා තිබේ.
කෙසේ වුවද එම නිලධාරීන්ගේ මාස හයට වැඩි විදේශ නිවාඩු සම්බන්ධ ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද දන්වා ඇත.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25