2024 ජූලි 06, ප.ව. 2:32
            
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් කතරගම පුදබිම අවට පාසල් 05ක් වසා දැමීමට තීරණය කර ඇතිබව කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසනවා.
ඒ අනුව දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලය,කතරගම ජාතික පාසල,සෙල්ල කතරගම මහා විද්‍යාලය,සශීන්ද්‍ර කුමාර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලය එලෙස වසා තැබෙන බවයි පැවසෙන්නේ.
පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් කණ්ඩායම් වල නවාතැන් පහසුකම් සදහා මෙම පාසල් වසා දැමීම සිදුකර ඇත.
පෙරහැර මංගල්‍යය අවසන් වන තුරු මෙම පාසල් වසා දමන බවත්, පාසල් ආරම්භ කරන දිනය පසුව දැනුම් දීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.
මේ අතර, රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ජූලි මස 06වනදා එනම් අද සිට ජූලි මස 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අද (06) දිනෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.
මේ අතර, ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් අද (06) ආරම්භ වනවා.
අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව අදින් ඇරඹෙන පෙරහැර ලබන 22 වනදා අලුයම මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වීමට නියමිතව ඇත.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25