hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 21, පෙ.ව. 12:01



මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරේදා (19) පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර, වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

ඒ අනුව, ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වූ බවයි, එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පසුගිය දිනවල දින 75ක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වුණා.

මේ හේතුවෙන් සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කටයුතු වලට එල්ල වුණේ දැඩි බලපෑම්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: