2024 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:04
            
2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ, රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම හේතුවෙන්.
මීට පෙර වසරකට රජයේ පාසල් පැවැත්වූ දින ගණන 210ක්.
කෙසේ වෙතත් 2025 වසරේදී රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම හේතුවෙන් පාසල් පැවැත්වෙන දින ගණන අඩු කර ඇති බව සඳහන්.
රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා මීට පෙර දින 210ක් පාසල් පවත්වනු ලැබුවා.
මීට අමතරව 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26න් සති අන්තයේ ඇත්තේ හතරක් පමණක් වනවා.
සෙසු සියලු නිවාඩු දිනයන් සතියේ දිනවල යෙදී ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් දින 210ක් පාසල් පැවැත්වීමට නොහැකි වනු ඇති.
මේ අතර 2025 වසර සඳහා වන පළමු පාසල් වාරය ජනවාරි මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම 2024 වසරේ තෙවන පාසල් වාරය ජනවාරි දෙවැනිදා සිට ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වෙන බවයි, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25