2025 පෙබරවාරි 25, පෙ.ව. 12:09
වයස අවුරුදු දහතුනට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, 2026 වසරේ දී සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වන ආරම්භක ප්‍රතිසංස්කරණයන් මෙම වසරේදී ආරම්භ කරන බවයි.
එමෙන්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා හයවන ශ්‍රේණිය සිට ක්‍රියාත්මක කරන බව ඇය සඳහන් කළා.
එම ප්‍රතිසංස්කරණයේ දී විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය කරමින් එම පුහුණු විධිමත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ගුරුවරු නිර්මාණය කිරීමටද කටයුතු කරන බවයි ඇය පවසන්නේ.
වර්තමානයේදී පවතිනුයේ සැළලිහිණි සංදේශය පැවති සමය දක්වා දිවෙන ශතවර්ෂ ගණනාවකට එහා දිවෙන ගුරු පුහුණුවක් බව අග්‍රාමාත්‍යවරිය පවසනවා.
සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් පාසල් තුළ දරුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත්, දරුවන් පාසල් අතහැරයාමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන මගින් දරුවන්ට දීමනාවක් ලබාදීමට ද වත්මන් රජය කටයුතු කර ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එහිදී කියා සිටියා.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පාසල් පද්ධතියට පමණක් නොව උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන ක්‍රමය තුළ පිරිමි දරුවන් රැඳෙන තත්ත්වයේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බැවින් නව විෂයන් එක්කරමින් සියලුම දරුවන් අධ්‍යාපන තුළ රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:28
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:15
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25