2025 අගෝස්තු 23, ප.ව. 4:02
කොළඹ තර්ස්ටන් විද්‍යාලය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ‘නයිට්-රෝ 2025’ නමින් දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇත.
නවීන ලෝකයට ගැළපෙන අනාගත පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අගෝස්තු මස 28 සිට 30 දක්වා විද්‍යාලයීය භූමියේදී පැවැත්වෙනු ඇත.
මෙම ප්‍රදර්ශනය, පාසල් සිසුන්ගේ 21 වන සියවසේ කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත්, පොත්පත්වලට පමණක් සීමා නොවූ අධ්‍යාපනයක වැදගත්කම අවධාරණය කරයි. මෙහිදී තාක්ෂණික කලාපය (රොබෝ විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය, ඉංජිනේරු ව්‍යාපෘති, virtual reality) ප්‍රධාන තැනක් ගන්නා අතර, කලා හා සංස්කෘතික, පාරිසරික තිරසරභාවය, සන්නිවේදනය, ක්‍රීඩා සහ ව්‍යාපාර වැනි පුළුල් ක්ෂේත්‍ර රැසක් ආවරණය කරයි.
ප්‍රදර්ශනය පුරා සිසුන් විසින් මෙහෙයවන ලද කුටි 100 කට අධික සංඛ්‍යාවක් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලින් තවත් කුටි 100 ක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. විශ්ව විද්‍යාල, කර්මාන්ත, රජයේ ආයතන සහ දිවයින පුරා පාසල්වල සහභාගීත්වයෙන්, මෙය ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික ප්‍රදර්ශනවලින් එකක් බවට පත්වීමට නියමිතය.
සිසුන්ට නිර්මාණාත්මක චින්තනය, ගැටලු විසඳීම, කණ්ඩායම් නායකත්වය සහ ඵලදායී ලෙස අදහස් ප්‍රකාශ කිරීම පුහුණු කිරීමට මෙය කදිම අවස්ථාවකි. තර්ස්ටන් විද්‍යාලයේ අරමුණ වන්නේ වේගයෙන් වෙනස්වන ලෝකයක සාර්ථක විය හැකි අනාගතයට සූදානම් පුරවැසියන් පෝෂණය කිරීමයි.
2025 අගෝස්තු 23, ප.ව. 7:53
2025 අගෝස්තු 23, ප.ව. 5:24
2025 අගෝස්තු 23, ප.ව. 4:08
2025 අගෝස්තු 23, ප.ව. 3:16
2025 අගෝස්තු 23, ප.ව. 1:37