2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:13
උසස් පෙළ සිසුන් වසර දෙක පුරාම පාසල් අධ්‍යාපනයට නැඹුරුකරවිමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වි ඇති බවත් උසස්පෙළ සිසුන් පමණක් නොව 11 වසර සිසුන්ද මේවනවිට පාසලට පැමිණිම සිමාවෙමින් පවතින තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
උසස්පෙළ සිසු දරු දැරියන් වසර දෙක පුරාම පාසල් අධ්‍යාපනයට නැඹුරුකරවිමට අවශ්‍ය ගුණාත්මක කාලින හා ආකර්ශනිය වශයෙන් වු වැඩපිළිවෙළක් හා නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අධ්‍යාපන අමාත්‍යංශයට නොහැකිවි තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම මේ සදහා සිසු දරුදැරියන් මෙන්ම දෙමව්පියන් ගුරුවරුන් ද සම්බන්දකර ගනිමින් පාසල් පද්ධතිය තුලට උසස්පෙළ සිසුන් නැඹුරු කර ගැනිමට හැකි වැඩපිළිවෙළක් සකස්කර මෙහෙයවිමට අධ්‍යාපන අමාත්‍යංශය මගින් කටයුතු කරනොතිබුණි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගුරුවරුන් ඇතුළු කළමණාකරණය සදහා දරන වැටුප්, වෙතන,දිමනා, මෙන්ම පාසල් පද්ධතියේ යටිතල පහසුකම් වෙනුවෙන් දරන වියදම් දිගුකාලිනව ඌණ උපයෝජිත භාවිතාවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රජයේ පාසල්වල ඉගෙනුම ලබන උසස්පෙළ සිසු දරු දැරියන් පාසැල් අධ්‍යාපනයට නැඹුරුකරවිම සම්බන්දයෙන් වු කාර්යසාධන විගණන වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කොට වසර හතරක් ගතවි තිබේ.
එහෙත් එම විගණන වාර්තාවේ සදහන් විගණන නිරික්ෂණ 14ක් සහ නිර්දේශ 13ක් සම්බන්දයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:04
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25
06-09-25