hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:06



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී 1 සහ 6 ශ්‍රේණි විෂය මාලාවන් ප්‍රතිසංස්කරණයට උපදෙස් සංග්‍රහයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 1 හා 2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය ලෙසත්, 3 හා 4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය ලෙසත්, 5 වැනි ශ්‍රේණිය තෙවන ප්‍රධාන අවධිය ලෙසත් වෙන් කර තිබෙනවා.

ප්‍රාථමික අංශයේ පළමු වන සහ දෙවන ප්‍රධාන අවධීන් හි පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර, තෙවන ප්‍රධාන අවධිය වන 5 ශ්‍රේණිය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතයි.

කනිෂ්ඨ ද්විතීයික අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා වන අතර, මිනිත්තු 50 බැගින් කාල පරිච්ඡේද 7 ක් පැවැත්වෙනවා.

අදාළ උපදෙස් සංග්‍රහය පහතින්  

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: