hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:42



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජනවාරියේ සිට 05 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලු පන්ති පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව පාසල් පවත්වන වේලාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමත් සමග නව කාලසටහන් අනුව සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය සමග එකඟතාවයකට පැමිණි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

ඒ අනුව දැනට සිසු සැරිය ඇතුළු සියලු බස් සේවා පාසල් නව කාලසටහන් අනුව සංශෝධනය කර ධාවනය කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: