2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:13
වතු ආශ්‍රිතව ගුරු නිවාස අත්‍යවශව පවතින, තෝරාගත් පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
එබැවින් මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත්වල මෙම ගුරු නිවාස ඉදිකිරීමට අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
අඳාළ පළාත්වල වතු ආශ්‍රිතව පාසල් 864ක් පිහිටුවා තිබෙන අතර එම පාසල්වලින් බහුතරයක් ප්‍රධාන නගරවලින් දුරස්ථව වතුකරයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටා ඇත.
එනිසා විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එම පාසල් සඳහා ප්‍රවේශවීමේ අපහසුතා මතුව ඇති අතර එම පාසල්වල ද්විතීයික පන්තිවල පවතින ගුරු හිඟය නිසා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි ජාතික විභාගවලදී එකී පාසල්වල සමස්ත කාර්යසාධනය අනෙකුත් රජයේ පාසල් හා සසඳන විට පහළ මට්ටමක පවතින බව දක්නට ලැබේ.
එබැවින් මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ විට තරුණ පරපුර නුපුහුණු ශ්‍රමිකයින් ලෙස සීමා වීමට හේතුවී ඇති නිසා වතු ආශ්‍රිත පාසල්වල මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බවට හඳුනාගෙන තිබෙනවා.
එබැවින් ගුරු හිඟය අවම කරමින් එම පාසල්වල මානව සම්පත් ඉහළ නැංවීමට හැකි වන පරිදි ඉහත පළාත්වල තෝරාගත් ගුරු නිවාස ඉදිකිරීමට අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව වෙනුවෙන් මෙසේ කැබිනට් අනුමැතිය හිමි විය.
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:11
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25