2026 මාර්තු 28, පෙ.ව. 12:23
මෙරට පාසල් පද්ධතිය තුල පසුගිය වසර හතක කාලය තුලදි පාසල් ළමුන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ දාහතරදහස් එකසියනමයකින් (314,109) කින් අඩුවි ඇති බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල මහතා පවසයි.
2019 වර්ෂයේ දි රජයේ පාසල්වල පාසල් දරුවන් හතලිස්එක්ලක්ෂ හැටඑක්දහස් හයසිය පනස්තුනක් (4161653) සිටි අතර 2025 වර්ෂය වනවිට පාසල් ළමුන් සංඛ්‍යාව තිස්හත්ලක්ෂ හතලිස්හත්දහස් පන්සියහතලිස්හතර (3,747544) දක්වා සියයට අටකින් පමණ අඩුවි ඇති බවද මහාචාර්යවරයා සදහන් කළේය.
එමෙන්ම 2019 වර්ෂයේ දි පළමු වසරට ළමුන් තුන්ලක්ෂ තිස්තුන්දහස් හැත්තෑහතරක් (333074) දෙනෙකු ඇතුලත් කොට තිබුණි.
එහෙත් 2025 වර්ෂයේදි පළමු වසර සදහා ඇතුලත්කොට තිබු ළමුන් සංඛ්‍යාව දෙලක්ෂ හැටහයදහස් දෙසිය අසුඑක (266281) දක්වා අඩුවි ඇති බවද මහාචාර්යවරයා සදහන් කළේය.
ඒ අනුව පසුගිය වසර හතක කාලය තුලදි පළමු වසරට ඇතුලත්කොට ඇති ළමුන් සංඛ්‍යාව ළමුන් හැටහයදහස් හත්සියතිස්නමයකින් (66,739) අඩුවි ඇති බවද හෙතෙම පවසයි.
ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් පළමු වසරට ඇතුලත්කොට ඇති ළමුන් සංඛ්‍යාව පසුගිය වසර හතක කාලය තුලදි සියයට 20කින් පමණ අඩුවි ඇත.
2019 වර්ෂයේ දි රජයේ පාසල් 10165ක් පැවති අතර 2025 වර්ෂය වනවිට පාසල් 10047 දක්වා අඩුවි තිබුණි.
මෙම කාලය තුල පාසල් 118ක් වැසි ගොස් තිබු අතර මෙරට ජනසංක්‍රාන්තියේ සිදුවි ඇති වෙනස්විම්, පුද්ගලයින් රටහැරයාම, උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් පහලයාම මේ සදහා හේතුවි ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
2026 මාර්තු 28, පෙ.ව. 12:35
2026 මාර්තු 28, පෙ.ව. 12:30
2026 මාර්තු 28, පෙ.ව. 12:19
2026 මාර්තු 28, පෙ.ව. 12:18
2026 මාර්තු 28, පෙ.ව. 12:18
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26