2023 අගෝස්තු 11, ප.ව. 1:44
කොරියාවෙ නෙළුවේ අපි නෙළුව ජාතික පාසලේ ආදි ශිෂ්‍ය එකමුතුව විසින් නෙළුව ජාතික පාසල ට බස් රථයක් පිරිනැමීම අද උදෑසන නෙළුව ජාතික පාසලේදී සිදු වුණා.
නෙළුව ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා කොරියාවේ රැකියාවේ නියුතු ආදි ශිෂ්‍ය එකමුතුව විසින් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම බස් රථය පිරිනමා තිබෙනවා.
ළමුන්ගේ එදිනෙදා අවශ්‍යතා අනුව පාසලට විශාල අඩුවක් ව පැවැති මෙම බස් රථය ලබා දීම පිළිබඳව පාසලට ඇත්තේ මහත් අභිමානයක්.
කොරියාවේ වෙසෙන සහ කොරියාවේ නියුතු ආදි ශිෂ්‍යයෙක්ගේ දෙමාපියන්ද මේ සඳහා එක්ව සිටි බව වාර්තා වෙනවා.
පාසලේ වර්තමාන විදුහල්පති ඩබ්ලිව්.කේ ධර්මදාස මහතා වෙත බස් රථයේ අයිතිය අද ලබා දුන්නා.
බස් රථය නිල වශයෙන් භාර දීම ද ඒ සඳහා යන නඩත්තු වියදම් සඳහා නව ගිණුමක් ආරම්භ කර එහි මුදල් ද අද දිනයේ දී විදුහල්පතිවරයාට ලබා දෙන ලදී.
මේ අවස්ථාවට උඩුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය අශනි කොඩිතුවක්කු මහත්මිය, අවට පාසල්වල විදුහල්පතිවරුන් හා ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරන නිලධාරින්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06