2023 ඔක්තෝබර් 19, ප.ව. 1:11
සීතා ඇතින්නට සාධාරණය ඉෂ්ට කර ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණයකට හෝ යාමට තමා පසුබට නොවන බව ඇතින්නගේ හිමිකරු එස්.එම්.රොෂාන් මහතා පවසයි.
මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඇතින්න මහනුවර රණවන ප්‍රදේශයේ නිවසක රඳවා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර 18 දින පස්වරුවේ වෛද්‍ය උපදෙස් මත ඇය විසූ මහරගම නිවසට රැගෙන යාමට පෙර රොෂාන් මහතා මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළා.
තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.
“ඇතින්නට වනජීවී නිලධාරීන් වෙඩි තියලා දැන් දින 20 කට ආසන්නයි. මේ දවස් ඇතුලත ඇතින්න එක මොහොතක්වත් නිදා ගත්තේ නෑ. වෛද්‍යවරු කියන්නේ ඒක ඇගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි කියලා. මේ නිදි නොලැබීම නිසා සතාගේ උදරය ඉදිමීමට ලක් වෙලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාල පසු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු කණ්ඩායම සතාට හැකි උපරිම ප්‍රතිකාර කරනවා. නමුත් ඒ අය කියන්නේ සතාගෙ පෙනහැල්ලේ තවත් වෙඩි උණ්ඩ තිබිය හැකියි කියලයි. ඒ තත්ත්වය නිශ්චිතව පැවසීම සඳහා ලංකාවේ කිසිම ක්‍රමවේදයක්, උපකරණයක් හෝ ප්‍රතිකාරයක් නෑ. ඇතින්න මේ අවාසනාවන්ත තත්ත්වයට පත් කළ වනජීවියේ නිලධාරීන් මේ දක්වා සතා වෙනුවෙන් කිසිදු හෝ දෙයක් කරලා නෑ. ඒ අය වගකීමෙන් මිදෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අය පොලිසිය වගේම අධිකරණය පවා රැවටීමට ලක් කලා. රබර් උණ්ඩ භාවිතා කරලා වෙඩි තැබීම සිදුකළා කියලා. නමුත් දැන් ඔවුන් ජීව උණ්ඩ වලින් වෙඩි තිබ්බ බව ඔප්පු වුණා. තවදුරටත් මේ අය බොරු කියමින් වගකීමෙන් මිදෙන්න හදනවා නම් මම මට වූ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ඨ කරගැනීම සඳහා යා යුතු ඉහළම තැනටම යනවා. ජාත්‍යන්තර අධිකරණයකට වුණත් යන්න මම සූදානම්.”
මෙම අවස්ථාවේදී අදහස් පළකළ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න මහතා කියා සිටියේ වෙඩි වැදුණු හීලෑ අලියකුට ප්‍රතිකාර කරන ප්‍රථම අවස්ථාව මෙය බවය.
මෙවන් අත්දැකීමක් මීට පෙර කිසිදු අලි ඇතුන් හිමියෙකුට නොමැති බවත් මේ වන විට ඇතින්නගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බවත් වෛද්‍ය උපදෙස් මත ඇය වාසය කළ නිත්‍ය ගාල වෙත ප්‍රවාහනය කිරීම සිදු වූ බවත් එහිදී ඇතින්න යම් තරමකට හෝ සාමාන්‍ය ආකාරයෙන් හැසිරිය යැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසුවා.
කෙසේ වුවද වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කොට ඇති ආයතනයකින් මෙවැනි වෙඩි තැබීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවත් හීලෑ අලි ඇතුන්ට පවා මේ ආකාරයෙන් ක්‍රියා කරන මෙම නිලධාරීන් වන සතුන්ට කුමන ආකාරයෙන් කටයුතු කරන්නේ දැයි යන ගැටලුව මේ අවස්ථාවේ පැන නගින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:08
2025 ජනවාරි 14, පෙ.ව. 12:04