hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 පෙබරවාරි 06, ප.ව. 4:16



පැලවත්තේ ඉදිකෙරෙමින් පවතින සිය නිවසේ පිහිණුම් තටාකයේදී පසුගියදා අභිරහස් ලෙස මිය ගිය කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයාගේ ඝාතනයේ මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් අද (06) සිදු කෙරෙනවා.

එමෙන්ම ඔහුගේ DNA පරීක්ෂාව ද එහිදී සිදුකිරීමට නියමිතයි.

අදාළ ඝාතනයේ මරණ පරීක්ෂණය පසුගිය සිකුරාදා සිදුකිරීමට නියමිතව තිබුණත් මළ සිරුර ජලයේ තිබී විකෘති වීම නිසා එය ඥාතීන්ට හඳුනාගැනීමට නොහැකි වීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්තැබුණා.

මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ කඳාන ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගැණුනේ වයස අවුරුදු 27ක සැකකරුවෙකු සහ අවුරුදු 23ක සැකකාරියක් වන අතර ඔවුන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙනවා.

ඔවුන් දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට මීට පෙර සැකකෙරුණත් පසුව අනාවරණ වී තිබුණේ ඔවුන්ගේ එම විදෙස්ගත වීමේ ප්‍රයත්නය අසාර්ථක වී ඇති බවයි

සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ව දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.