2025 ජූනි 30, පෙ.ව. 10:29
බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්, එළැඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිත “ City of Dreams ” විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
City of Dreams ව්‍යාතියේ සමාරම්භක උත්සවයට මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශාරුක් ඛාන් පැමිණෙනු ඇති බවට නිල නොලත් ආරංචි මර්ග තහවුරු කරයි.
මෙම අනාවරණයට වඩාත් ආධාර වන පරිදි “ City of Dreams ” සහ “Cinnamon Life” නිල සමාජජාලා ගිණුම්වල දැන් සිටම “විශේෂ කෙනෙකු පැමිණෙනවා” යන තේමාවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර “ඇවිත් ඉන්නේ කවුද කියා හදුනාගන්න” යනුවෙන් එහි සඳහන් වෙයි.
අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකින් ඉදිකරන ලද “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” ව්‍යාපෘතියට ලෝක මට්ටමේ කැසිනෝවක්, සුඛෝපභෝගි හෝටලය සහ වෙළඳ මධ්‍යස්ථානයක් අයත් වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයෙන් මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය ලෙස මෙය සැලකෙයි.
මෙම උත්සවයට ජාත්‍යන්තර සුප්රකටයින්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් සහභාගි වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙයි.
2025 ජූනි 30, ප.ව. 1:01
2025 ජූනි 30, ප.ව. 12:58
2025 ජූනි 30, ප.ව. 12:47
2025 ජූනි 30, ප.ව. 12:17
2025 ජූනි 30, පෙ.ව. 9:40