hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 05, පෙ.ව. 8:02



මෙම පොසොන් පොහෝ දා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සිල් සමාදන් වූ උවැසි උවැසියන් විසි පන්දහසකට අධික පිරිසකට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කර තිබෙනවා.

අනුරාධපුර මහජන බැංකු ප්‍රාදේශීය බෞද්ධ සංගමය දශක හතරක් මුළුල්ලේ සංවිධානය කරන මෙම පුණ්‍ය කටයුත්තට මහජන බැංකුව හා එහි කාර්ය මණ්ඩලය දායකත්වය දරනවා.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම දානමය පුණ්‍යකර්මයට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (බැංකු සහය සේවා) නිපුනිකා විජයරත්න, ප්‍රධාන නීති නිලධාරිනී පී.කේ. කටුලන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) ටී.එම්. ඩබ්ලිව් චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) ඉඳුමිණි රත්නායක යන මහත්ම මහත්මීන්, අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර අසිත ධනවිලවිතාන ඇතුළු ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරවරියන්, සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, ශාඛා කළමනාකාරවරුන්, රාජ්‍ය නිලධාරීන්, මහජන බැංකු බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ විශ්‍රාමික සේවක ප්‍රාජව සහභාගී වී සිටියා.