hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2024 පෙබරවාරි 13, පෙ.ව. 12:02



ජංගම දුරකතන භාවිතා කරන සෑම පාරිභෝගිකයෙකු ම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්තමිය අවධාරණය කරනවා.

අධ්‍යක්ෂවරිය පවසන්නේ තම දුරකතනය කිසියම් සමාගමක ලියාපදිංචි වී ඇත්දැයි #132# අංකය හරහා දැනගත හැකි බවත්, ඒ අනුව එය ලියාපදිංචි වී නැති බවට තහවුරු වුවහොත් අදාළ දුරකතන පහසුකම් සමාගම සම්බන්ධ කරගෙන තම දුරකතන අංකය වහාම ලියාපදිංචි කර ගත යුතු බවයි.

තව ද තමන්ගේ නමට හෝ තම ජාතික හැඳුනුම්පත් අංකය යටතේ, තමා නොදැනුවත් ව දුරකතන අංකයක් නිකුත් වී ඇත්නම් වහා ම එම අංකය විසන්ධි කරවාගැනීමට කඩිනමින් ම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඔබගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ, ව්‍යාජ ලෙස අනන්‍යතා ඉදිරිපත් කරමින් ලබා ගත් සිම්පත් මගින් සිදු කරන සමාජ විරෝධී වැඩ පිළිබඳව අනාවරණය වී ඇති බැවින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: