hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 27, ප.ව. 4:14



කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අනුරාධපුර මහ නගර සභා සේවකයින් පිරිසක්.

මෙම සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රිවරිය ඊයේ (26) දින මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාට ඇසැබි වදනින් බැණවැදි පාවහන් යුගලින් පහර දී ඇතැයි පැවැසෙනවා.

එම සිද්ධියෙන් පසුව එම මන්ත්‍රිවරිය අද (27) උදෑසන නගර සභාවට පැමිණ එහි මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ රැදි සිටියදි එම ස්ථානායට පැමිණි නගර සභාවේ නිලධාරීන් හා සේවකයින් විශාල පිරිසක් ඇයට නගර සභාවෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවාත

එහෙත් ඇය මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ අසුන් ගෙන ඊට ප්‍රතිචාරයක් නොදැක්විමේ හේතුවෙන් ඇය අසුන් ගෙන සිටි පුටුව සමගින් උස්සා ගෙන පහත මාලය වෙත රැගෙන ඒමට සේවකයන් කටයුතු කර ඇති බවයි වාර්තා වූණේ.

එහිදි මහත් උණුසුම්කාරි තත්වයක් උද්ගත වී තිබෙන අතර සේවකයන් විසින් නගර සභාවට පිවිසෙන දොරටුව අභියස ඇයට චෝදනා කරමින් විවිධ පොස්ටර් ප්‍රදර්ශණය කරමින් විරෝධය දක්වා තිබෙනවා.

නාගරික කොමසාරිස්වරයා බැනවැදි පාවහන් වලින් පහරදිම වෙනුවෙන් නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ගන්නා ලෙස මෙහිදි සේවකයන් මන්ත්‍රිවරියට පවසා සිටි අතර එහිදි එම ස්ථානයට පැමිණි කොමසාරිස්වරයා ගෙන් ඇය සමාව ගෙන තිබෙනවාත

පසුව සේවකයන් මන්ත්‍රිවරිය නගර සභාවේ පිටුපසට රැගෙන ගොස් කැලිකසල අදින ට්‍රොලියක පටවා නගර සභාවෙන් පිටතට රැගෙන යාමට උත්සහා කළද තවත් පිරිසක් ඊට විරෝධය පළ කිරිමේ හේතුවෙන් එම වැයම අසාර්ථක වී තිබුණා.

අනතුරුව නාගරික මන්ත්‍රිවරිය නැවත නගර සභාවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන ගොස් හු හඩ හා ජල ප්‍රහාරය මැද නගර සභාවෙන් පිටතට රැගෙන ගොස් තිබුණා.

අනුරාධපුර පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් පිරිසකගේ ආරක්ෂාව මැද මන්ත්‍රීවරිය පොලිස් කැබ් රථයකින් නගර සභා භූමියෙන් ඉවතට රැගෙන ගොස් තිබූ බවයි වාර්තා වුණේ.