2026 ජනවාරි 28, පෙ.ව. 10:11
බාලවයස්කාර දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, අන්තර්ජාලය ආශ්‍රිතව සිදුවන අයහපත් සිදුවීම් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, දරුවන්ගේ ආරක්ෂාව උදෙසා මෙම සීමාවන් පැනවීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ පාසල් සිසුන් සහ ගුරුවරුන් සම්බන්ධ සංවේදී සිදුවීම් කිහිපයක් පදනම් කරගනිමින් මෙම සාකච්ඡා යළි කරළියට පැමිණ ඇත. එවැනි අන්තර්ගතයන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පෞද්ගලික ජීවිතවලට දැඩි හානි සිදුව ඇති බව පෙන්වා දුන් වීරරත්න මහතා, විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ කරුණු නිසි ලෙස තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් බව ද අවධාරණය කළේය.
“අපි තවමත් අවසන් තීරණයකට පැමිණ නැහැ. නමුත් සමාජ මාධ්‍ය හරහා බාලවයස්කාර දරුවන්ගේ මානසිකත්වයට සිදුවන හානිය වැළැක්වීමට රටක් ලෙස අප පියවර ගත යුතුයි,” යැයි ඔහු පැවසීය.
ලෝකයේ බොහෝ රටවල් දැනටමත් මෙවැනි සීමාවන් පනවා ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාව සතු බව ද සඳහන් කළේය.
රජය නිසි සැලැස්මක් සකස් කළ පසු, මෙරට විදුලි සංදේශ සමාගම් හරහා අදාළ සීමාවන් පැනවීමට සමාජ මාධ්‍ය ජාල මෙහෙයවන ආයතන වෙත උපදෙස් දිය හැකි බව ඔහුගේ අදහසයි.
සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම සහ අන්තර්ජාල හිරිහැර (Cyberbullying) ඉහළ යාම සලකා ලොව පුරා රටවල් රැසක් දැඩි නීති පැනවීමට කටයුතු කරමින් සිටී.
2026 ජනවාරි 28, පෙ.ව. 8:59
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
28-01-26
28-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
17-01-26
17-01-26