2025 ඔක්‍තෝබර් 27, ප.ව. 4:33
තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු පියවර ගෙන තිබෙනවා.
රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ශ්‍රිමාලි ෆොන්සේකා පස්වරු 3.45ට පමණ එයින් පිටව ගියා.
එහිදී ඇය මාධ්‍ය වෙතද අදහස් දැක්වමින් සඳහන් කළේ තමන් කෙහෙල්බද්දර පදේමව හඳුනන්නේ නැති බවත් තමන් ඩුබායිහි සහභාගී වූ අවුරුදු උත්සවයක් සඳහා ඔහු පැමිණි සිටි බවයි.
තමන් කිසි දිනක පද්මේ නම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් නොදැන සිටි බවත් තමන් සමග පින්තූර ගත් පුද්ගලයා ද කෙහෙල්බද්දර පද්මේ දැයි නොදැන සිටි බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීමාලි ෆොන්සේකා මෙසේ ද පවසා සිටියාය.
‘‘මට පාතාල නායකයන් හෝ වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමග කිසිම සම්බන්ධයක් නැහැ. අපි රංගන ශිල්පිනියන් නිසා මිනිස්සු ඇවිල්ල පින්තුර ගන්නවා අපි එක්ක. අපිට එතකොට බැහැ කියන්න බැහැ. මේ පද්මේ කියන පුද්ගලයා එක්ක මගේ පින්තූරය තිබුණේ අවුරුදු උත්සවයකදී ඩුබායිවල. අපි දන්නේ නැහැ ඔවුන් කවුද කියල අපිට උත්සවයට එන්න කිව්වා අපි ගියා. ගොඩාක් දෙනා එදා හිටියා නමුත් මම කවදාවත්ම දැනගෙන හිටියේ නැහැ මේ පුද්ගලයන් ගැන. මට සියයට සියයක් තහවුරු කරලා කියන්න පුළුවන් මම කවදාවත් නීත්‍යනුකුල නොවන විදියට මුදල් හම්බුකරලත් නැහැ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ වෙලත් නැහැ කියල. මගේ පැත්තෙන් මම නිර්දෝෂි කියන එක මම සී අයිඩී එකට කිව්වා. ඔප්පු කරල පෙන්නුවා. මට කාගෙන්වත් සල්ලි ඕනේ නැහැ අපරාධකරුවන්ගේ සල්ලි කොහොමත් ඕනේ නැහැ. මට හොඳ ආර්ථික ශක්තියක් තියනවා. කාගෙන්වත් යැපෙන්න අවශ්‍ය නැහැ. මම ඉල්ලනවා සමාජ මාධ්‍යයේ අපි ගැන වැරැදි තොරතුරු පළ කරලා අපේ නම කැත කරන්න එපා කියලා.’’
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 7:43
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 7:40
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:18
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:15
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25
25-12-25