hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 ජූනි 14, ප.ව. 10:39



නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍ය කර්මයකින් ඉවත් කළා.

යුදහමුදා රෝහලේ ජන්‍ය මුහුත්‍ර ලිංගික ඒකකයේ ප්‍රධානී මෞත්‍රික රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ.සුතාර්ෂන්  කපිතාන් වෛද්‍ය ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙම ශළ්‍ය කර්මයට එක් වූවා.

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යු.ඒ.එල්.ඩී. පෙරේරා, සහ කර්නල් සි.එස්. අබේසිංහ යන මහත්වරු සහාය ලබා දුන්නා.

වකුගඩුවෙන් ඉවත් කළ මෙම ගලෙහි දිග සෙන්ටි මීටර් 13.372කි. එහි බර ග්‍රෑම් 801ක්.

දැනට ගිනස් වාර්තාවට අනුව දිගින් වැඩිම කළ 2004 දී ඉන්දියාවේ රෝහලකදී ශල්‍ය කර්මයකින් ඉවත් කර ඇති අතර බරින් වැඩිම ගල ග්‍රෑම් 620ක වූ ගලක් 2008දී පාකිස්තානයේ ඉවත් කර තිබෙනවා.