hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 22, පෙ.ව. 12:08



ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු වසරකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයකට වැඩි සීනි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසනවා.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසරකට පුද්ගලයෙකු පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 13ක් ලෙස නිර්දේශ කර තිබුණද ශ්‍රී ලාංකිකයෙකු වාර්ෂිකව එම සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එනම් සීනි කිලෝ ග්‍රෑම් 39ක් පරිභෝජනය කරන බව අනාවරණය වී ඇති බවයි.

මෙසේ අධික ලෙස සීනි පරිභෝජනය කිරීම හේතුවෙන් මෙරට දත් දිරා යාමේ රෝග තත්ත්වය වර්ධනය වී ඇති බවද  හෙළි වී තිබෙනවා.

මේ අතර,  මෙරට ළමුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු රාත්‍රී කාලයේ නින්දට පෙර දත් නොමදින බවද වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මෙහිදී සඳහන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: